සුරියකන්ද වත්තේ ඔහොම කාලය ගත කරන අතර මගෙ පාසල් ජිවිතය ආරම්භ වෙනව යාන්තතමට මතකයි තාත්තද කොහෙද මාව ස්කෝලෙට බාර දෙන්න එක්කං ගියා.ඒ බුලුතොට විද්‍යාලයට.මොන හේතුවකටද මම දන්නෙ නැ,පාසල් ගමන මට තිත්තම තිත්ත එකක් උනා.ගල් ලෑල්ලක් තමා මම ලියන්න අරන් ගියේ.'තලගල' කියල මැඩම් කෙනෙක් තමා මගේ මුල්ම පාසල් ගුරැවරිය.සුදුම සුදු ලස්සන මැඩම් කෙනෙක් ඒත් හිනා කදුලක් නැ මුනේ.මෙව ගැන නම් මට තියෙන්නෙ අපහැදිලි මතකයක්.මොනතරම් ලස්සන උනත් මගෙ ජිවිතේටම ලැබුනු නපුරැම නපුරැ ගුරැතුමිය තමා ඇය.ඇය මට රැව්ව,මට පොඩ්ඩක් වත් අදරේ නැ.මම දන්න නැ එ මට විතරක්ද කියල.ගල් ලෑල්ලෙ අකුරැ ලියන්න මට කියල දුන්නෙත් නැ ,ඇත්ත මම මේ කියන්නේ.සියුම් දුකක් හිතට එනව.මුල්ම අකුර 'අ' ලියන්න මට බැරි උනා.මොන තරම් උත්සහ කලත් හැම වෙලාවෙම 'අ' න්නෙ රවුම මුලු ගල් ලෑල්ල පුරාම යනව.මොනම අකුරක්වත් පොඩියට ලියන්න මට බැරි උනා තලගල මැඩම් මට උදව් කලේ නැ පොඩ්ඩක්වත්,අනිත් අය ලියල පෙන්නනව.මට බැ මගේ හිතට ආව බය මේ වෙනකලුත් තියෙනව.මම සෑහෙන්න ඇඬුව මේ නිසා.මගේ හිතට එදා අව මට කවදාවත් අකුරැ ලියන්න බැරි වෙයි කියල.මෙ නිසා වෙන්න ඇති මට පාසල් ජිවිතය එපා වෙන්නෙ.ඒ මගේ පාසලේදි ලැබු මුල්ම අත් දැකීම.යාලුවො කියල කවුරැවත් මගෙත් එක්ක සම්බන්ධ උනේ නැ, හිටපු අය මහ උස මහත චන්ඩි වගේ මම දැක්කෙ.අර මම කියපු මැඩම් මට ගොඩ සැර කරල කරල තියෙනව.ගහලත් තියනවා.මට අදටත් ඒ මැඩම් මතක් වෙද්දි හිතට තරහක් එනව.මම හැමදාම පාසල් ගියේ අඬ අඬ,පාසල් කියන්නේ මට අපායක් වගේ.පංතියේ හැමෝම හොඳට වැඩ කරනව මට විතරක් අයන්න ලියා ගන්න බැරැව ලත වෙනව.මගෙ යටි හිතින් පාසල ප්‍රතික්ෂේප කලා.අපේ ගෙදර ඉඳල බස් එකේ පාසලට කිලෝමිටර් 5 ක් විතර තියෙනව.තාත්ත මාව දවස් දෙකකට වඩා උදේ පාසලට එක්ක ආවේ නැ.මට තනියම තමා බස් එකේ මම ඊට පස්සේ ගියේ.කෙටි පාරවල් වලින් පයින් ගියොත් කිලෝමිටර 3 විතර තියෙනව.බොහොම ටික දවසකින් මම බස් එකේ සෑහෙන්න ජනප්‍රිය කෙනෙක් උනා.හැමෝම මට ආදරේ උනා.නිකම්ම බිංදු,බිංදු පුතා උනා.හැබැයි පාසල නම් අරහං.ගර්...ගර්..ගර්..සුරියකන්ද කඩපලේ විජය බාර් එකේ විජය මුදලාලි.එයාගේ පුතාලා රත්න කුමාර අයිය,අතුල අයිය, චූටි අයිය ඒ හැමෝම මට පුදුම විදියට ආදරෙයි.හැමදාම මම ස්කෝලේ ඉවර වෙල එනකල් බලාගෙන ඉන්නව කෑම කන්න.මම ආස ජාති හදල තියෙනවඒක පුදුම ආදරයක්.මේ ලඟඳි විජය මුදලාලි නැති උනා,ඒ නැන්දත් නැති උනා.එයාලගේ අත් වලින් මට මොනතරම් කවල ඇද්ද.ඒ අයියල තාම ඉන්නව හැමෝම.ටික කාලෙකින් මම අපූරැ දෙයක් කරන්න පුරැදු උනා.
No comments:
Post a Comment