බිංදුගේ ළමා කාලය(පුංචි
කතාවක් 10)
වැස්ස හෝ ගාලා,එක එක්කෙනාට වැස්ස කියන්නෙ මතකයන් ගොඩාක්.සමහර මතකයන් දුකක් ඒ වගේම සමහර ඒව
සතුටක්.තවත් සමහර සිදුවීම් මේ දෙකටම නැ. වැස්සත් එක්ක මගේ මතකයේ තාමත් කා වැදිච්ච මතකයක් තියෙනව.මම හිතන්නෙ මේ
සිදුවීම වෙනකොට මට වයස අවුරුදු 6 විතර වෙන්න ඇති.අපි ජිවත් උනේ සූරියකන්දේ අපිට
ලැබුන ක්වාට්ස් එකේ.මට මතක විදියට අපි එ ගෙදෙට්ට ඇවිල්ල වැඩි කාලයක් උනේ නෑ. අපි එහෙට එන
කොට ඒ ගෙදෙට්ට කරන්ට් තිබ්බෙ නැ.හැබැයි අපේ එ ගෙයි වහල ලඟින් ලයිට් කනුවක් තිබ්බ
වත්තෙන් දාපු එකක්.මගේ තාත්ත ගේ වයර් කරල අර කනුවෙන් කරන්ට් ගත්ත.අපි හැමෝටම
සතුටුයි.මට මතක විදියට අපිට විදුලි එලිය ලැබුනේ 1980 විතර.අපේ පැත්ත සිංහරාජ
වනන්තරය ආසන්නයේ නිසා වහින්න ගත්තම දවස් ගනන් එක දිගට වහිනව.ඒ වගේම තමා විදුලි
කෙටිල්ලත්.මම මේ කියන සිද්ධිය උන දවසේ මගෙ අක්කත්
ගෙදර ඇවිල්ල.මම හිතන්නේ ඉස්කෝලේ නිවාඩු කාලයක්.මම ඒ වෙනකොට ඉස්කෝලේ යන්නෙ
නැ. මගේ අක්ක
ඉස්කොලේ ගියේ ආච්චිලාගෙ ගෙදර ඉදල ඉතින් ගෙදර එන්නේ නිවාඩු කාලෙට. ඒ කාලෙට මට හරීම
සතුටුයි.මට සෙල්ලම් කරන්න පුලුවන් නිසා. හැබැයි ඉතිං
අක්කත් එක්ක රංඩු වලත් ඉවරයක් නැ. මේ කියන දවසෙත් මහ වැස්ස වගේම හවස් වෙන කොට මහ හයියෙන් විදුලි කොටන්නත් පටන්
ගත්ත.එ විදුලි කෙටිල්ල මගේ ජීවිතේට දැක්ක නපුරුම විදුලි කෙටිල්ල. මම තාම
දැක්කේ නැ ඒ තරම් සැර විදුලි කෙටීමක් මෙච්චර වයසට ගිහිල්ලත්. සමහර විට මම
පුංචි නිසාත් සහ ඒ විදුලි කෙටීම මගේ හිතේ තදින්ම කා වැදුන නිසා් වෙන්න ඇති මේතරම්
මට මේක මතක. එදා රෑ මහ
වැස්සත් එක්ක මහ හයියෙන් හෙන පාත් වෙන කොට ලයිට් ගන්න තාත්තා හදපු පියුස් බෝ්ඩ්
එකෙන් ගින්දර පිටවෙන්න ගත්ත. තාත්තත්
ගෙදර එන්නෙ රැ වෙලා.එදා අම්මයි,මායි,අක්කයි බය උන තරමකියන්න වචන නැ.
තාමත් ඇඟ හීගඩු පිපෙනව.අක්කයි,මායි බය
වෙච්ච පාර අම්මට තුරුල් වෙලා හයියෙන් අඞ
අඬ හිටියා.අම්මත් හොදටම බය වෙලා.ලග පාතක කතා කරන්න කෙනෙකුත් නැ වගේම එලියට
බහින්න බැ මහ වැස්ස.කොටන විදුලියක විදුලියක් පාසා පියුස් බෝර්ඩ් එකෙන් මහ ගින්දරක්
පිට වෙනව.ඒ ගින්දර පිට වෙනව දැක්කම අක්කයි මායි කෑ ගහල අඩනව.අම්ම අපිව සනසනව. බය
වෙන්න එපා දැං තාත්ත එයි කියල. ඔහොම ගොඩ
වෙලාවක් ගියාට පස්සේ තාත්ත ගෙදර අවා. තාත්ත ඇවිත් පියුස් එක ගලවල
අපිට සැනසීමක් ලැබුනේ
තාත්ත ගෙදර ආවට පස්සේ.වැස්සත්
හෙන ගැහිල්ලත් එක්ක අතීතයේ මගේ මතකෙ තදින් රැදුන පුංචි සිදුවීමක් මේ කිවේ. එදා බය වෙලා
මහා හයියෙන් කැ ගහල ඇඩුවට ගොඩාක් සුනදර සිදුවීමක් දැං මතක වෙන කොට. ගොඩක්ම
සුන්දර පහුවෙනිදා උදේ මගෙ අක්ක මට කීව කතාවත් එක්ක. මහ ලොකු චන්ඩියා බයේ ඇඬුවනේ.මේක කියනකොට මගේ කං වලින් ගින්දර පිට උනා.
No comments:
Post a Comment