Monday, December 16, 2013

punchi katawak 9..

ගොඩාක් දවසකින් ලියන්න වාඩි උනේ.ඇත්තටම ලියන්න ගොඩාක් දේවල් තිබ්බත් වෙලාව නැති උනා,සමහර වෙලාවට මොතරම් පිරිසක් මැද්දේ,මොන තරම් කාර්ය බහුල උනත් හිතට මහ කාලකන්නි තනිකමක් පාලුවක් දැනෙනව.මට හිතෙන්නෙ මේ අත්දැකීම මට විතරක් දැනෙන එකක් නෙවී කියල.ගොඩාක් අයට මේ අත්දැකීම ඇති.මට හිතෙන්නෙ මෙහෙම වෙන්න හේතුව බලාපොරොත්තු කඩවීම නිසා ඇතිවෙන ඉච්ඡා භංගත්වයට මනස ප්‍රතිචාර දක්වන ආකාරය කියල. අපි හිතාගෙන ඉන්නේ මනසින් අපි මාර ශක්තිමත් කිසිම දෙයකට සැලෙන්නෙ නැ  කියල, ඒත් සිද්ධියක් උනාම තමා වැටහෙන්නෙ ඒකේ රඟ, ශක්තිමත් කියන අපේම මනස වෙඩරු වගේ දියවෙන හැටි. කොහොම උනත් අපි ඒව දරා ගන්නම ඕන නේ.නැත්තම් කොහොමද ඉදිරියට යන්නෙ. අපේ හිත් වලින් අපේ පුංචි කාලෙට මේ තරම් ඇලුම් කරන්නේ ඇයිද කියන ප්‍රස්නෙට පිළිතුරකුත් ගැබ් වෙලා තියෙනව කියල මට හිතෙනව, මම කියන මේ කාරනාව ඇතුලේ.මොකද පොඩි කාලේ තට්ට තනියම හිටියත්,පිරිසක් මැද්දෙ හිටියත් පාලුවක් තනිකමක් වේදනාවක් කවදාවත් දැනිලා නැ, හිත පිරිලා ඉතිරිල.එහෙම දුකක් දැනුනත් මගේම මොකක් හරි මුරන්ඩු වැඩක් නිසා අම්මගෙන් හරි තාත්තගෙන් හරි තරවටුවකට ලක් වෙලා විතරයි.ඒකත් සුලු  මොහොතයි මතකේ තියෙනනේ. ඔහ්....මම ලියන්න හිතාගෙන හිටපු දේවල් නෙවී මේ ලියවෙන්නේ....මට හිතාගන්න බැ ඒ ඇයි කියල, මම කිය කිය හිටියේ මගේ පුංචි කාලේ ගැන නෙ,කප්පරක් පුංචි  රසවත් සිදුවීම් එක්ක මගේ ළමා කාලය මටත් හොරෙන්ම අතීතේට එකතු වෙලා. දැං ඉතිරි හැම සිදුවීමකම අපහැදිලි මතකයක් විතරයි.සමහර සිදුවීම් මතක් කරන්න ආයාසයක් දරන්නත් වෙලා. ඔන්න ජීවිතේ. මගේ පුංචි කාලේ ජීවිතේට සම්භන්ධ සුවිශේෂි චරිත දෙකක් ඉන්නව, රාමු(රාම ජයම්),සහ නල්ල සාමි. අපේ ලොකු අම්ම කෙනෙක් අම්මට දුන්න හදා ගන්න කිරි දෙනක් එයාව බලා ගන්න බාර දුන්න කෙනා තමයි නල්ල සාමි,එයාගේ පුතා තමා රාම ජයම් මට වඩා අවුරැද්දක් වැඩිමල් අපි කවුරුත් කීවේ රාමු කියල. රාමු මුලින්ම අපේ ගෙදරට ආවේ නල්ල සාමි එක්ක,එ ඇවිත් නල්ල රාමු ව අම්මට අදුන්වල දුන්නමට මට මතකයි.ඊට පස්සේ උදේටයි හවසටයි කිරි අරන් ආවේ රාමු.ඒ දවස් වල රාමුට සිංහල වචනයක්වත් බැ.රාමු කිරි බෝතලේ අමම් අතට දීල තප්පරයක්වත් ඉන්නේ නෑ දූවනවා.මට රාමු එක්ක යාලු වෙන්න පුදුම උවමනාවක් තිබ්බේ.මට දෙමල බැ, රාමුට සිංහල මම රාමු දකින හැම වතාවෙම අම්මට කියනව රාමු ගෙදර නවත්ත ගමු කියල. කිරි බෝතලේ දිල දුවන රාමු පස්සේන් මම අනන්තවත් දුවල ඇති රාමුව නවත්ත ගන්න කලාතුරකින් තමා රාමුගෙ දිවිල්ල නවතින්නේ.ඒ නැවතුන දවසට එයාගේ අත අල්ල ගෙන අපේ ගෙදර යමු කියල මම බල කරනව.නමුත් රමු එන්නෙ නැ.සමහර දවසට මගෙ වදෙන්බේරෙන්න ගෙදර ගිහින් එන්නම් ියල මට බොරැවට අඟවල රාමු පැනල යනව.මම ඉතිං එයා එනක් බලාගෙන ඉඳල ගෙදර යනව. ඊට පස්සේ අම්ම නල්ල සාමිට කිව්ව රාමුව අපේ ගෙදර නවත්තන්න.උගන්වන්නම්,ඹක්කෝම කරන්න්නම් කියල. ඊට පස්සේ රාමු ආව අපේ ගෙදර නවතින්න. රාමු දැං ඉන්නේ නුවරඑලියේ බැඳල දරු මල්ලො ලැබිල.ඉඳ හිට මට කතා කරනව. නල්ලසාමි ඉන්නව සුරියකන්දෙ දැං ගොඩ වයසයි.වතුකරේටම ඒ මිනිස්සුන්ගේ ජිවිතේ ගෙවුන.මම ගමේ ගියාම මට තාම මුන ගැහෙනව නල්ලසාමිව. ලයිං කාමරවල ගොඩාක් දරිඳ්‍රතාවෙන් ජීවත් වෙන නල්ලසාමි(සිංහල තේරුම හොඳ දෙයිය) ගමේදි මාව දැක්කම මා ගාවට දුවගෙන එනව.ශක්තිමත් දේහයක් තිබ්බ නල්ලසාමි දැං ගොඩ වයසට ගිහිං.මගේ ගාවට ඇවිත් කතා කරන්නේ ඇස්වල කඳුලු පුරෝගෙන.එයාගේ දුක ගැන,රාමුඑයාගේ අනිත් ලමයි ගැන.මම දන්න විස්තර ටික ඔහේ කියවනව.නල්ලසාමිගේ කතා විලාසය මගේ මුලු ඇඟම දවන්න තරම් වෙදනාත්මකයි.මගේ ඇස් තෙත් වෙන්න ගත වෙන්නෙ නිමේෂයයි. මම මේ ලියන මොහොතේ හිතට ඇතවෙන වේදනාවත් විස්තර කරන්න අමාරැයි. දැං නල්ලසාමිට ඉස්සර වගේ වැඩ කරන්න බැ වයසයි.නමුත් වතුකරේ දිවිගෙවන මිනිස්සු මැරෙන මොහොත දක්වාම වැඩ කරන්න ඕන.අඩුමගානෙ රොටියකුයි කට්ට සම්බලකුයි තුන් වෙලටම කන්නනම්. රාමු අපේ ගෙදර ඉදං ඉගෙන ගත්ත.සිංහල ලියන්න,කතාකරන්න,ඉංග්‍රිසි.ගනන් හැමදෙයක්ම  රාමු අපේ ගෙදර නැවතුන දා ඉඳල මගේ යාව ජීව සමාජිකයා උනේ රාමු.මට පුදුම ආදරෙයි මාත් එහෙමයි දැනටත් ඒක අඩුවෙලා නැ.මම හොරන ඉස්කෝලේ යන කාලේ මාව හොයා ගෙන එනව අම්ම ගෙදරින් හදල දෙන කෑම බීමත් අරං. අම්මට සල්ලි නැතුව කල්පනා කර කර ඉන්නකොට කොහෙන් හරි සල්ලි හොයල අම්මට ගෙනත් දෙනව.මෙන්න නෝන සල්ලි කියල.මම නම් දන්නේ නැ මගේ හිතේ කවදාවත් රාමු දමිල මම සිංහල කියල හැඟීමක් ඇවිල්ල නැ.කොහොමහරි මේ සිද්ධි මතක් කරන කොට මගේ හිතේ ඇතිවෙන්නේ සතුටක්ද දුකක්ද කියන්න මට වැටහෙන්නෙ නැ.