Sunday, February 23, 2014

පෑවිල්ල.......

අදත්.....

දවසක් වගේ හොඳටම පායන්න වගේ හදන්නේ.....

ඔය හෙමි හෙමීට පටන් ගන්නෙ......

හුඟ දවසකට පස්සේ නිසා පෑවිල්ල ටිකක් නුහුරැයි....

පෑවිල්ල එක්ක හුලඟත් හමනව ටිකක් සැරට....

මෙන්න විදුලියකුත් කෙටුවෝ.....දොර වැහුනා ඩෝං ගාලා.....

එන පොට නං හොඳ නැ වගේ....

අපරාදේ හෙට සඳුදා නොවුන නම්........

......නේත්‍රාංජන.....

Friday, February 14, 2014

වැලන්ටයින්ට කලින් දවසේ....






138 කොට්ටව සිට පිටකොටුව යන බස් එකට අද උදේ 7.30 විතර වත්තෙගෙදරින් බස් එකට ගොඩ උනේ කාර්යාලයට යන්න.අද බ්‍රහස්පතින්දා තරමක සෙනගක් බස් එකේ හිටිය.මම සුපුරුදු පරිදි පිටුපස ආසනය ආසන්නයේ රැදි සිටිය.බොහෝ වෙලාවට පිටුපස ආසනයේ අසුන්ගෙන සිටින අය නුගේගොඩදි බසයෙන් බැස යනව.නමුත් අද එහෙම උනේ නැ.ඉතිං නුගේගොඩ පහු උනාම මම ඉදිරියට අවා.හරියටම බස් එකේ මැදට වගේ. බස් එකේ තරමක් සද්දෙට සිංදු දාලා තිබුන.පරන සිංදු ටිකක් වේග රිද්මය,සංගීතය නැවත මුසු කරපු සිංදු කිහිපයක්. ‘හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ….ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මට වාසනා, ප්‍රචාරය උන සිංදු කිහිපයක්. හැමදාම මේ වෙලාවට විසාල වාහන තදබදයක් තියෙනව. ඉතිං බොහෝ පිරිසක් ගමන් කරන්නෙ තරමක පිඩනයකින්. සමහරු නිදි.ඔලු එහෙට වදිනව මෙහෙට වදිනව.තව කෙනෙක්ට හොදටම නින්ද ගිහින් ලඟ ඉන්න කෙනාගේ ඇඟට බර වෙලා.කෙනෙක් දෙන්නෙක් ඒක ඉවසගෙන ඉන්නව බොහෝ අය ප්‍රතිචාර දක්වනව.ඊට පස්සේ නින්දෙ හිටි පුද්ගලයා ගැස්සිල ඇහැරිල සොරි කියල ආයේ නින්දට වැටිල පෙරවිදියටම කරනව.ඒක හරීම අපූරු සිදුවීමක්.මම හිතන්නෙ මේ සිදු වීමට අපි හැමෝම මුන දීල තියෙනව. සමහරු ලෝකේ පෙරලුනත් තමන්ගේ කල්පනාවල් වල.සමහරු පොත් කියවනව.සමහර අය සාකච්ඡාවල් වල සමහරු ෆෝන් වල. ඒ අතර කොන්දොස්තර මහත්තයගේ කිසිම රසයක් නැති,කිසිම කෙනෙක් ගනන් නොගන්නා එකම වචන ටික.මේ සියල්ල අතරින් සද්දෙට ඇහෙන ජෝතිපාලගේ ප්‍රේමගීතාලාපය.ඒ අතර සද්දෙට සිංදු දාලා තියෙන එක කෙනෙකුට රසයක්,කෙනෙකුට හිසරදයක්. මම එකේ හොඳ නරක විවෙචනයකට සැරසෙනව නෙවි.එතන උන සිදුවීම කියන්න හදන්නෙ. එක පාරටම එතෙක් වෙලා ඇහුන සිංදු නැවතුනා. බස් එකේම තිබුන ඒකාත්මික බව බිදුන දෝ කියල මට හිතුන.ඒක ඇත්ත නොවෙන්න පුලුවන්. මොකද පෙර කිව්ව කිසිම දෙයක් නොකර බස් එකේ හිටගෙන හිටි මම අර ගීත සමග ජිවත් උන නිසා වෙන්න ඇති මට එහෙම හිතුනෙ. නිමේශයකින් මට බස් එකේ ඉදිරියෙන් කට හඩක් සද්දෙට ඇහෙනව.ඔහු තරුනයෙක් ඩෙනිමක් නිල්පාට,ටි ෂර්ට් එකක් සුදුපාට සහ සුදු පාට ගැලපෙන සපත්තු ද දා ගත්තු අව් ක්නාඩියක් ඔලුවෙ පිටුපසින් දා ගත් තරුනයෙක්.මට ඇහුන ඔහුගෙ වදන් "''හරි හරි මේ බස් එකේ යන්නේ නිලධාරි විතරයි.එයාලට වැදගත් විදියට යන්න ඔන එයාලට මේව බාල දේවල් අහන්න හොඳ නැ.අපිනම් ඉතින් සාමාන්‍ය අය.හරි හරි මල්ලි කමක් නැ නවත්න්න. "'''මේ වදන් වලට ප්‍රතිචාර දැක්වුයේ නිල් පාට ඉරි සහිත අත්දිග කමිසයක් කලු කලිසමක්,කලු සපත්තු,කරේ කාර්යාල බැගයක් එල්ලාගත් තරමක් තරුන පුද්ගලයෙක්"'''කනක් ඇහෙන්න නැ.කන් පුපුරන්න එනව කියල වැඩක් නැ.'''''මෙවැනිම වදන් පෙලක් දෙදෙනා අතර හුවමාරු විය.බසයේ එක් පුද්ගලයෙක් හැර අනෙක් කිසිවෙක් කිසිදු ප්‍රතිවාරයක් මේ වෙනුවෙන් දැක්වුයේ නැ.ඒ පුද්ගලයා තරමක් වයසක පුද්ගලයෙකි. '''''මේ ඔයා බස් එකෙන් බැහැල එන්න මම සිංදුවක් අහ්න දෙන්නම් බහින්නකො.'''''යනුවෙනි. මොහොතක් නිහඩව සිටි තරුනයා තමන්ගෙ හිතේ ඇති උන පීඩනය පිට කලේ රියදුරු අමතා '''අයියේ අනිත් දවසේ ඔය සෙට් එක ගලවල දාන්න.මේ බස්වල යන නිලධාරින්ට සිංදු අහන්න හොද නැ.එයාල වැදගත් අය ඉතින් වැඩක් නැ සෙට් එකක්'''' කීමෙනි. උදේ 7.30 බස් එකට ගොඩඋන මම තුම්මුල්ල හංදියෙන් බහිනකොට වෙලාව 8.35.

my song........

siyapatak sadisi.my song.......