Sunday, November 24, 2013

අපි සූරියකන්දට ඇවිල්ල ටික කාලයක් හිටියේ කුලි ගෙදරක.ඒක පිහිටල තිබ්බේ එග්බර්ත් වත්තෙනන් පිට ගොඩාක්  පාලු තැනක තමයි ඒ ගෙදර පිහිටල තිබ්බේ.මහ රෑස්ස ගොරක ගහක්      ඒ ගේ ඉස්සරහම පිහිටල තිබ්බ.ඒක නිසා පැත්තම අදුරැ වෙලා තිබ්බෙ.ඒ අදුර නිසා තරමක මූසල ගතියක් ඇවිල්ල තිබ්බ. පුදුම අදුරක් ගෙන දුන් එ ගොරක ගහ දකින වාරයක් පාසා බය මුසු වූ මහා ගුප්ත හැගිමකA මගේ හිත තුල  රජ කලා. කොහොම උනත් ගොරක ගහේ ගෙඩි ඉදෙන කාලේට නම් හැමෝම ගොරක ගහ යට, මොකද ඒකෙන් වැටෙන ගෙඩි එකතු කරන්න.ගොරක ගෙඩිවල මදය හරිම රසයි, හරියට මැංගුස් වගේ, මමත ඉතිං නිකංඉන්නෙ,නැ හොදට කනව ගොරක මද. අපි මේ ගෙදර වැඩි කල් හිටියෙ නැ අම්මට ක්වාට්ස් ලැබුන නිසා.හැබැයි හිටපු ටික කාලේ හරීම සුන්දර කාලයක්. මම හිතන්නේ මේ කාලේ මගේ වයස අවු;තුනාමහරක් විතර වෙන්න ඇති.අම්ම වැඩට ගියේ, මාව ලඟ ගෙදරක නතර කරල.එහෙට අපි කීවේ ජයතිලක අයියලගේ ගෙදර කියල. එහෙ හිටිය ආච්චි කෙනෙක්,සීය කෙනෙක්, තව ජයතිලක අයිය එයා තමා ඒ ගෙදර වැඩිමලා. තව නිමල් අයියයි,කුමාරි අක්කයි.කුමාරි අක්කගේ ඇස්පේනනේ නැ.හැමදාම අම්ම එනව මට කෑම උයල දේන්න,එතකොට මම ගෙදරට යනව. සමහර දවස් වලට මට දවල්ටත් කෑම ලැබෙන්නෙජයතිලක අයියලගෙ ගෙදරින්,ඒ හැමෝම මට පුදුම විදියට ආදරෙයි. මුලු දවසෙම මම ගත කරන්නෙ එහෙ. අම්ම පවුල් සුබසාදන නිලධාරිනියක්. ඉතිං අම්ම බෝහෝ දවසට දවල්ට ගෙදර එනනේ නාලනි ඇංටිත් එක්ක එයා තමාඑග්බර්ත් වතතේ මිඩ්වයිෆ් නෝන.අම්ම එයත් එක්ක ඇවිත් කඩිමුඩියේ කෑම උයන හැටි මට අද වගේ මතකයි.මම බඩ ගින්නේ හයියෙන් කෑ ගහ ගහ සිංදු කියනව.නාලනි ඇනaටි හිනා වෙවී බලාගෙන ඉන්නව. අම්ම උනු උනුවෙම මට කිරි හොදියි,තම්බපු බිත්තරයකුයි, තව මොනව හරියි ඉක්මනට බෙදල දෙනව. මොන තරං බඩගින්නෙ හිටියත් නාලනි ඇංටි මට බත් කවනකං මම කන්නෙ නැ.ඉතිං එයා මට බත් කවනව. ඒ බත් වල රස, මට තාම ඒ රස දැනෙනව.ඊට පස්සේ ආයෙමත් මම ජයතිලක අයියලගෙ ගෙදරට එනව. ආපහු ගෙදර යන්නෙ හවසට අම්ම වැඩ ඉවර වෙලා එනකොට.මේ ගෙදරට කරන්ට් එහෙම තිබ්බෙ නැ.හවස 4,5 වෙනකොට පැත්තම අදුරැ වෙනව.පුංචි ලාම්පු එලිවලින් තමා ඒ අදුර නිවිවෙ. ඉතිං හැමදාම ඉක්මනට නිදා ගන්නව.මට ඒ කාලේ හීනයක් වගේ. මේ ගෙදර ඉස්තෝප්පුවේ බිත්තයෙ තිබ්බ.ගේ කුරැලු කූඩුවක්.දවල්ට ගේ කුරැල්ලො පිරිල ස්තෝප්පුවේ.දවසක් මහ දවල් මහ සද්දයක් එයාලගේ එදා අම්ම නිවාඩු දවසක්.ඉතිං මමත් ගෙදර, හරියට කරදරයක් බේර ගන්න කියනව වගේ.මම ගිහින් ස්තෝප්පුවෙ බැලුව සද්දේ මොකද කියල, බැලින්නං ගේ කුරැලු පැටව් ගිලින්න ගැරඬියෙක් කුඩුවට කිට්ටු වෙනව. මම හයියෙන් කැ ගැහැව්ව.අම්ම දුවගෙන ආව.ගේ කුරැල්ලෝ රංචුව වෙනaනෙ මොකද වෙන්නෙ කියල. අම්ම කරපු වැඩේ කොස්සට,ලාම්පු තෙල් වක්කරල.ගැරඩියා ඉන්න දිහාට ඇල්ලුව.එකේ සුවදට සර්පයා ඇදිලා ගිය වෙගේ මට අදටත් පේනව. කොහොම හරි පැටව් බෙරල දුන්න නිසා,ගේ කරුල්ලො අම්මට ගොඩක් පිං දුන්න. මගේ නිකට යට තුවාල කැලලක් තියෙනව.ඒක සිද්ධ උන විදිය කියන්නම ඕන.ඒ පැත්තට වහින්න ගත්තම දවස් ගනන් වහිනව සිංහරාජ කිට්ටුවනෙ,ඉතිං මෙහෙම වැහැල ඉවර උනාම හැම තැනම උල්පත් හැදෙනව සෑහෙන්න කාලයක් උල්පත් හිදෙන්නෙ නැ.එ වගේම තමා වතුර පීලිත්.වැස්ස කාලෙට ගමේ අය පුවක් ලි,කිතුල් ලි දාලා ගලා ගෙන එන වතුර හරස් කරල පීලි හදනව.මෙහෙම පීල්ලක් අපේ ගේ කිට්ටුව තිබ්බ.අම්ම රෙදි හොදන්න,නාන්න යනව එතෙන්ට.ඉතිං මාත් අනිවාර්යෙන්ම යනව අම්මත් එක්ක පීල්ලට.ඉතිං දවසක් මටත් පහල උනා අදහසක්.පීල්ලක් හදන්න.මම අඬල අඬල ජයතිලක අයියට කියල කෙහෙල් පීලි ිකක් කප්පව ගත්ත. මගේ අදහස උනේ ඒව දිගට දාල පීල්ලක් හදන්න.මම ඒකට සිහින මැව්ව හැටි තාම මතකයි. පැත්තෙන් එන වතුර පාර හරස් කරල කෙහෙල් පීලි දාන්න තමා මගේ අදහස උනේ. අපි  පීල්ල කඩා හැලුනේ ලොකු ගලක් අතරින් මම ගල උඩට නැගල කෙහෙල් පීලි ටිික තිියල එහා පැත්තට පනින්න ගියේ. අම්මත් මේ සිද්දිය බලාගෙන හිටියේ.එහා පැත්තට පනිනනකොට මගේ එක කකුලක් තියඋනේ කෙහෙල් පීලි උඩ ඇසිල්ලකිං මම ගල උඩිං බිම.මට ඇහුනේ අම්ම කැ ගහනව විතරයි. පස්සේ මාව කවුද උස්සගෙන දුවනව මට සිහිය එන කොට.මම හයියෙන් ඇඬුව.මගේ ඇඟෙ හැම තැනම ලේ අම්මත් අඩනව.මම අඩන ගමන් කිව්ව මතකයි.ආයි කවදාවත් පීලි හදන්නෙ නැ කියල. මාව උස්සගෙන ගියෙ කවුද කියල මට මතක නැ.ඉස්පිරිතාලේ හිටියේ ජයසිංහ ඩොක්ට අංකල්. එච්චර ඇඩුව මම ඉස්පිරිතාලෙදි ඩොක්ටර් ගාවදි අඩන එක නැවැතතුව. එයා හිතුවෙ මම අඅඩන එක නවත්තන එකක් නැ කියල.මට බෙහෙතකුත් විද්ද,ඒත් මම ඇඩුවෙ නැ. මගේ නිකට යට හොදටම තුවාල වෙලා තිබුනේ.අදටත් කන්නාඩියක් ඉස්සරහට යන හැම වතාවකදි මේ සිද්දිය මගේ අතීතයේ ඒ මතකය අලුත් කරනව.


No comments:

Post a Comment