Thursday, November 21, 2013

punchi katawak 06

හැමදාම උදේ නගිටල කට්ට හීතලේ මූන හෝදගෙන බොහෝම අකමැත්තෙන් මුවින් නොපෙන්වා උදේ 6.30 වෙද්දී සූරියකන්ද කඩපලට එනවා ස්කෝලෙ යන්න. බස් එකට ශත.75 යි.අම්ම රැ.1.50 ක් දෙනව බස් එකට යන්නයි එන්නයි දෙකටම,ඒකට අමතරව රැපියලක් විතර සමහර දාට දෙනව.විවේකෙදි මොනව හරි කන්න.ඒකෙන් පාන් කාලයි හකුරැ කැල්ලයි කාලත් තව ශත.50 ක් විතර ඉතුරැත් වෙනව.හැබැයි මට සල්ලි දිල බස් එකේ යන්න පුලුවන් වෙන්නෙ උදේට විතරයි කලාතුරකින් හැමදාම පංතියේ දි මගේ සල්ලි කවුරැ හරි හොරෙන් ගන්නව.මම දන්නෙ නැ එ කවුද කියල.මගේ සල්ලි කවුරැ හරි හොරෙන් ගන්නව කියල මම කොයි තරම් නම් තලගල මැඩම්ට කියල ඇද්ද නමුත් මගේ අවාසනාවට මට මැඩම් ඇහුම් කං දුන්නෙ නැ කවදාවත්.ඉතිං මම මොන තරම් නම් අඞල ඇද්ද.ගොඩක්ම බය වන්නෙ ස්කොලේ ඇරිල ගෙදර යන්න බස් එකට සල්ලි නැති නිසා. මගේ සල්ලි හොරකං කරනව කියල කවුරැත් විස්වා කරන්නෙ නැ.හැමෝම හිතන්නෙ මම ඒවා කඩයප්පං වලට වියදම් කරනව කියල.මම අඞන හැම වෙලේම මගේ සලල් හොරකං කල කෙනත් එතන ඉන්න ඇති.මැඩම් මාව ගනන් ගන්නෙ නැතව ඉන්න කොට සල්ලි ගත්ත කෙනාට පුදුම සතුටක් දැනෙනව ඇති.මම ඉතින් බොහෝ දවසට බස් එකේ යන්නෙ හොරෙන් සෙනග අස්සෙන් රිංගල ගිහින් පිටි පස්සේම දිග සීටි එකේ හැංගිල යනව.මම අනන්ත ටිකට් නැතුව ගිහින් අහුවෙලා තයෙනව.නොසෑහෙන්න බැනුම් අහල තියෙනව.නොසෑහෙන්න භය වෙලා තියෙනව.අඞල තියෙනව.දෙයියන්ගෙ නාමෙට මාව කව්රැත් විස්වාස කලේ නැ.මම හොර වැඩක් කරනව කියලා තමා හැමෝම හිතුවේ.අඩුම තරමේ අම්මවත් මා විස්වාස කලේ නැ.මගේ පාසල් ජීවිතේ අමිහිරි දේවල් තමා මේ. මම ඊට පස්සේ ස්කෝලේ යන  එක හිතින් ප්‍රතිකෙෂ්ප කලා. දින පතා පරක්කු වෙලා නැගිටින්න උත්සහ කලා,බොරැ ලෙඩ ගත්ත, පාසල් නොයන්න  දිනපතා සෑහෙන හේතු කිවව්ව ඒකෙන් පලක් උනේ නැහැ. හැමදාම දාම අම්මගෙන් ගුටි කෑව.මම හැම දාම ස්කෝලෙ ගියේ අඬ අඬ. ඊට පස්සේ මම ස්කෝලෙ නොයන්න අපූරැ ක්‍රමයක් සොයා ගතත. කඩපොලට ඇවිත් හැම දාම මම විජය බාර් ඇතුලට රිංග ගන්නව බස් එක මග ඇරෙනකල්.ඊට පස්සේ ගෙදර යනව බස් එක මිස් උනා කියල. ඉතිං දවසක් දෙකක් අම්මගෙන් ප්‍රස්නයක් උනේ නැ.පස්සේ අම්ම මගේ හොරේ අහු උනා. ඉතිං ඒකට අම්මගෙන් සෑහෙන ගුටි කෑව.

No comments:

Post a Comment