බුලුතොට
ස්කොලේ මම දෙකේ පංතියට යනකල් හිටිය.ක්‍රමක්‍රමයෙන් මට යාලුවො
කිට්ටු වෙන්න
පටන් ගත්ත.ඒ අතර කීර්ති රොහන ගාමිනී සුමනවීර සිසර වගේ පිරිමි
යාලුවො කිහිප
දෙනෙකුත් රෑපසංහ ජීවනි කියල ගැනු යාලුවො කිහිප දෙනෙකුත් ලැබුන
එයාල හැමෝම
එකිනෙකාට සෑහෙන්න වෙනස් කීර්ති කියන්නෙ පංතියෙ හිටපු දක්ෂම ලමයා රෝහන නැටුම්
සර්ගේ පුතා එ දෙන්න එක්ක මම ගොඩක් ලං උනා ඒත් එ යාලුකම වැඩි
දවස් පවත්වන්න මට බැරි උනා.ඒකට හේතු උනේ සිසිර කියන යාලුවා අර දෙන්න එක්ක
මම වඩා හිතවත් කියන එක ඉවසන්න බැරිවීම. එයාල අතර
කලිනa මොනව
මොනව හරි දේකට
ප්‍රස්නයක් වෙලා සිසිර එක්ක තරහ වෙලා ඉඳල තියෙන්නේ. ඒක මම දන්නේ නැ.මට කීර්ති
කීව සිසිර එක්ක කතා න්රන්න එපා කියල.මම ඉතින් ඒක අකුරටම පිලිපැද්ද
නමුත් සිසිර
මගෙත් එක්ක බලෙන් කතා කරා, කීර්තිටයි රෝහනටයි
හොදටම මගෙත් එක්ක හොදටම
බැන්න.එයාගේ හොදම යාලුව මම කීව, එයා
කීර්තිටයි රෝහනටයි දවසක් හොදටම වතුර
ගැහැව්ව කීව, මට එයාලට අහුවෙන්න එපා
කීව.මම මේ සිද්ධිය කිර්තිට කියන්න එයාව හෙව්ව කොහොම හරි මට එයාව හෝ රොහන හොයා ගන්න
බැරි උනා එදා, පහුවෙනිදා මම ස්කෝලේ ගියේ කීර්තිලට මේ සිද්ධිය කියනව කියල හිතාගෙන.නමුත්
මගේ අවාසනාව මම පරක්කුයි සිසිර මට ඉස්සර
වෙලා. මට කිසිදෙයක්
කියා ගන්න ලැබුනේ නැ සිසිර ගිහින් මගේ ගැන වැරදි දේවල් කීර්තිටය් රෝහනටයි කියල
එයාලා මගෙත් එක්ක කතා කරන්නිනෙ නැ. මම මොන තරම් පැහැදිලි කරන්න ගියත් ඒක කරන්න බැරි උනා. මාව විස්වාස කලේ නැ. කීර්ති සහ රෝහන දෙන්න මේකට නඩු විභාගයක් තිබ්බ.මගේ ඉස්සරහම කිසීම ලැජ්ජාවක්
බයයක් නැතුව සිසිර ගොඩාක් වැරදි දේවල් කීව මම කිව්ව කියල. මට සිසිර කියන ඒව බොරැ කියනව මිසක් වෙන කරන්න දෙයක් තිබ්බෙ නැ. ගොඩක්ම මට උනේ මේ වෙන දේවල් අදහන්න බැරි වීමයි.සත්තයි මෙහෙම දේවල් මේ ලෝකේ වෙනව
කියල මම ඉගෙන ගත්තේ එදා.මට එදා දැනුන කම්පනය තාමත් දැනෙනව.කෙනෙක් නොකරපු නොකියපු දෙයක් කීව,කලා කියලා සිසිරගේ මුවින් පිට වෙන කොට,මොකද්ද මේ වෙන්කන
කියල මම බලාගෙන උන්න,තවත් එකක් මම හිතුව සිසිර කියන්නෙ අමූලික බොරැ නිසා,කSර්තිල එක කීයටවත් විස්වාස කරන එකක් නැ කියල.නමුත් එහෙම උනේ නැ එයාල ඒක විස්වාස කලා,මාව එයාලගෙ සමාගමෙන් අයින් කලා, පස්සේ මගෙත් එක්ක මේ අමාරැවෙ දැම්ම සිසිර කතා කරන්නෙත් නැග කීර්තිල කතා
කරන්නෙත්නැ හැබැයි එකක් කියන්න ඕන මෙව නිසා මගේ හිතට කා එක්කවත් කිසිම තරහක් ආවෙ
නැ. සිදු උන එකම දේ තමා මගේ මානසික සමබර තාව නැති උන එක, මට හිතෙන විදියට මගේ ජීවිතේදී මානව සම්භන්ධතා ගැන මම ඉගෙන ගත්ත පළමුවන ප්‍රායෝගික
පාඩම ඒක.මොනතරම් හොද පාඩමක් ද කියනවනම් අවුරැදු තිස් ගානක්ම මතක තියෙන්න තරම් ප්‍රභල උනා. මේ සිද්ධිය මගේ ප්‍රායෝගික ජීවිතේ ගොඩක් තැන් වලදි
දැනටත් සිහිකරනව. මේ සිද්ධිය උලුප්පලා කීමෙන් මම කාටවත් නිග්‍රාහයක් කරන්න හිතුවෙ නැ මගේ
ජීවිතේදS මගේ මනසට මහ කම්පනයක් ඇති කල සිද්ධියක් නිසයි කීවේ. මේ සිදුවීම්
එක්ක බෝහෝ වෙලාවට මම කිට්ටු සම්භන්ධකම්
පැවැත්තුවෙ මගේ මානසික ලෝකයත් එක්ක කීවොත් නිවැරදියි. මගේ මානසික
ලෝකය ගොඩාක් පරමාදර්ශි එකක් උනා කවුරැත් මගෙත් එක්ක තරහ උනේ නැ. මගේ මානසික
ලෝකේ ගොඩාක් ලස්සන සුන්දර ලොකයක් උනා ඒ ලෝකෙත් එක්ක මම හරි සතුටින් උන්න. ඒකේ ගොඩාකහොද
යාලුවො හිටිය එයාල එක්කෝම මට ආදරේ කරපු අය. මගේ පොඩි
කාලේ ගොඩක් අය මාව දැක්කෙ පුදුම දග විසේ ලමයෙක් විදියට.ඒක නිසාම මම ගොඩාක් ගැරහුම්
වලට ලක් වෙලා තියෙනව. මම මේ
කියන්න යන සිද්දියත් එ වගේ එකක්.අපේ ගමේහිටිය ‘එඩී’ කියල අංකල් කෙනෙක් එයාගේ පුතා වජිර ඉගෙන ගත්තේ කලුතර හෝලික්‍රොස් එකේ
දවසක් තාත්තයි මායි කොලොන්නෙ ගිහින් ගෙදර එනව බස් එකේ,මගේ හිතේ රැ 7,8 විතර ඇතිමට ඊට කලින් වජිරව හමුවෙලා තිබ්බේ නැ නමුත් එඩී අංකල් හොඳට දන්නව. වජිරව දැක්ක විතරයි අපි දෙන්න මාර පිට් උනා.ඉතින් අපි දේන්න බස් එකේ සිංදු
කිය කිය කැ ගහ
ගහ හරීම වනෝදෙන් ආව.අන්තිම බස් එක නිසා සෙනග හිටියෙත් නැ .ඒක
නිසා අපි දගලනවට කාගෙන් වත් බධාවක් වත් තිබ්බෙ නැ. අඩුම තරමේ ''එඩී'' අංක්වත් බැන්නෙ නැ.එයාලා වෙ කතාවක් පිට ආවේ. සූරියකන්දට
එනකල්ම අපි මාර ජොලියෙ ආව.ඊට පස්සේ තාත්ත මාව බස් එක ගාව තියල කඩේට ගිහින් එන්න
ගියා.එඩි අංකල් වජිර එක්ක මගේ ගාව හිටියා.තාත්ත පිටව ගියා විතරයි, එඩී අංකල් මට මාර බැනල්ලක් බැන්න.හොදටම
බැන්න.ලග හිටපු අයට කිය කිය මට බැන්නය බැන්න. මට අදත්
තෙරෙන්නෙ නැ එඩී අංකල් ඇයි එදා මට බැන්නේ කියල. මම එයා බනිද්දි බිම බලාගෙන උන්න.වජිරත් ලග හිටිය. එයා කවෙ කොහොම හරි වජිර එක්ක
සෙල්ලම් කල එක තමා
වැරැද්ද වෙලා තිබ්බේ. තාත්ත එනව
දැක්ක ගමන් එයා බනින එක නවත්තල මුකුත් නොවුන වගේ හටියා. මටත් හරියට
වැටහුනේ නැ කාරනේ,ඉතිං මම මේක
තාත්තට කීවෙත් නැ. බස් එකේ
සෙල්ලම් කල එක වරැද්දක් නම් ඇයි ඒක එවෙලේ නොකියා පස්සෙ බැන්නෙ. දෙයියො තමා
දන්නෙ.දැං නම් ඒ සිද්දිය විග්‍රහ කරන්න පුලුවන්. ඔන්න ඔය විදියෙ ප්‍රස්න වලටත් මම මුහුන දුන්න පොඩි කාලේ.
No comments:
Post a Comment