Friday, October 10, 2014

බිංදුගේ ළමා කාලය(පුංචි කතාවක් 10)
වැස්ස හෝ ගාලා,එක එක්කෙනාට වැස්ස කියන්නෙ මතකයන් ගොඩාක්.සමහර මතකයන් දුකක් ඒ වගේම සමහර ඒව සතුටක්.තවත් සමහර සිදුවීම් මේ දෙකටම නැ. වැස්සත් එක්ක මගේ මතකයේ තාමත් කා වැදිච්ච මතකයක් තියෙනව.මම හිතන්නෙ මේ සිදුවීම වෙනකොට මට වයස අවුරුදු 6 විතර වෙන්න ඇති.අපි ජිවත් උනේ සූරියකන්දේ අපිට ලැබුන ක්වාට්ස් එකේ.මට මතක විදියට අපි එ ගෙදෙට්ට ඇවිල්ල වැඩි කාලයක් උනේ නෑ. අපි එහෙට එන කොට ඒ ගෙදෙට්ට කරන්ට් තිබ්බෙ නැ.හැබැයි අපේ එ ගෙයි වහල ලඟින් ලයිට් කනුවක් තිබ්බ වත්තෙන් දාපු එකක්.මගේ තාත්ත ගේ වයර් කරල අර කනුවෙන් කරන්ට් ගත්ත.අපි හැමෝටම සතුටුයි.මට මතක විදියට අපිට විදුලි එලිය ලැබුනේ 1980 විතර.අපේ පැත්ත සිංහරාජ වනන්තරය ආසන්නයේ නිසා වහින්න ගත්තම දවස් ගනන් එක දිගට වහිනව.ඒ වගේම තමා විදුලි කෙටිල්ලත්.මම මේ කියන සිද්ධිය උන දවසේ මගෙ අක්කත්  ගෙදර ඇවිල්ල.මම හිතන්නේ ඉස්කෝලේ නිවාඩු කාලයක්.මම ඒ වෙනකොට ඉස්කෝලේ යන්නෙ නැ. මගේ අක්ක ඉස්කොලේ ගියේ ආච්චිලාගෙ ගෙදර ඉදල ඉතින් ගෙදර එන්නේ නිවාඩු කාලෙට. ඒ කාලෙට මට හරීම සතුටුයි.මට සෙල්ලම් කරන්න පුලුවන් නිසා. හැබැයි ඉතිං අක්කත් එක්ක රංඩු වලත් ඉවරයක් නැ. මේ කියන දවසෙත් මහ වැස්ස වගේම හවස් වෙන කොට මහ හයියෙන් විදුලි කොටන්නත් පටන් ගත්ත.එ විදුලි කෙටිල්ල මගේ ජීවිතේට දැක්ක නපුරුම විදුලි කෙටිල්ල. මම තාම දැක්කේ නැ ඒ තරම් සැර විදුලි කෙටීමක් මෙච්චර වයසට ගිහිල්ලත්. සමහර විට මම පුංචි නිසාත් සහ ඒ විදුලි කෙටීම මගේ හිතේ තදින්ම කා වැදුන නිසා් වෙන්න ඇති මේතරම් මට මේක මතක. එදා රෑ මහ වැස්සත් එක්ක මහ හයියෙන් හෙන පාත් වෙන කොට ලයිට් ගන්න තාත්තා හදපු පියුස් බෝ්ඩ් එකෙන් ගින්දර පිටවෙන්න ගත්ත. තාත්තත් ගෙදර එන්නෙ රැ වෙලා.එදා අම්මයි,මායි,අක්කයි බය උන තරමකියන්න වචන නැ. තාමත් ඇඟ හීගඩු පිපෙනව.අක්කයි,මායි බය වෙච්ච පාර අම්මට තුරුල් වෙලා හයියෙන් අඞ  අඬ හිටියා.අම්මත් හොදටම බය වෙලා.ලග පාතක කතා කරන්න කෙනෙකුත් නැ වගේම එලියට බහින්න බැ මහ වැස්ස.කොටන විදුලියක විදුලියක් පාසා පියුස් බෝර්ඩ් එකෙන් මහ ගින්දරක් පිට වෙනව.ඒ ගින්දර පිට වෙනව දැක්කම අක්කයි මායි කෑ ගහල අඩනව.අම්ම අපිව සනසනව. බය වෙන්න එපා දැං තාත්ත එයි කියල. ඔහොම ගොඩ වෙලාවක් ගියාට පස්සේ තාත්ත ගෙදර අවා. තාත්ත ඇවිත් පියුස් එක ගලවල

අපිට සැනසීමක් ලැබුනේ තාත්ත ගෙදර ආවට පස්සේ.වැස්සත් හෙන ගැහිල්ලත් එක්ක අතීතයේ මගේ මතකෙ තදින් රැදුන පුංචි සිදුවීමක් මේ කිවේ. එදා බය වෙලා මහා හයියෙන් කැ ගහල ඇඩුවට ගොඩාක් සුනදර සිදුවීමක් දැං මතක වෙන කොට. ගොඩක්ම සුන්දර පහුවෙනිදා උදේ මගෙ අක්ක මට කීව කතාවත් එක්ක. මහ ලොකු චන්ඩියා බයේ ඇඬුවනේ.මේක කියනකොට මගේ කං වලින් ගින්දර පිට උනා.

Sunday, July 27, 2014

අතීතය......

හරියටම මිකී මවුස්ගේ මූන වගේ දෙපැත්තෙන් රවුම් අඞු දෙකක් තියෙන පුංචි කෝප්පයක් තීබ්බ මට පුංචි කාලේ.ඒක කොල පාටයි.දවසට දෙසැරයක් ඒ කෝප්පෙ පිරෙන්න මගේ අම්ම කිරි හදල මට දෙනව මට අද වගේ මතකයි.ඒ රසත් මට අද වගේ මතකයි.ඒ විඳීම දැං මතක් වෙනකොට දැනෙන හැඟිම වචන වලට පෙරලන්න කොහෙත්ම බැ.අපි හැමෝගෙම පුංචි කාලේ අම්මයි තමනුයි කියන්නෙ දෙන්නෙක් නෙවී එක්කෙනෙක් කියලයි මට නම් හිතෙන්නෙ.සුන්දර පුංචි කාලේ දැං සිහිවෙන කොට සියුම් වෙදනාවකින් මුලු ඇඟම වෙලා ගන්නව.ඒක දරා ගන්න දුෂ්කරයි.දිනෙන් දින මොහොතින් මොහොත අපි වියපත් වෙනව.හැබැයි සුනදර මතකයන් එක්ක ඉදිරියට යනව.එකෙන් වියපත් වෙන එක අමතක කරවනව.සමහර වේදනාත්මක අත් දැකීමකට මුහුන දුන්නාම ඒක අමතක කරවන්න හිත කෙලින්ම අපිව ගෙනයන්නෙ අතීතයට.එකෙන් හිතට ලැබෙන සහනය මහමෙරක් තරම්.අපි ඉපදුන දවසේ ඉඳල ගතින් වියපත් වෙවී ඉදිරියටත්,නොදැනුනාට සිත වියපත් වෙවී,සිතිං අතීතයටත් යනව කියල මට හිතෙනව.

නැවතත්.....නැවත නැවතත්....

පටන් ගත් තැනටම නැවත....
නැවතත්.....නැවත නැවතත්....
හති වැටුනත් නොදැනෙන....
නොදන්නා....
නිශ්පල හතිය වින්දනය කරන...... 
යන්නෙත් නැති.... 
නොයන්නෙත් නැති.....
යන ගමනක්.....

ආදරය...

යුද්ධ කරන...මිනී මරන....
හිංසා කරන සියලු මිනිසුනි...
නුඹලාගේ පිහි පතෝල වේවා...
නුඹලාගේ උන්ඩ ඔක්කෝම මී කිරි වේවා.....
මිසයිල සේරම චොක්ලට් ම වේවා....
එකක් නෑර ඔක්කෝම බිම් බෝම්බ පැනි කොමඩුම වේවා.....
කාල තුවක්කු වලින් අයිස් ක්‍රීම් බෝල පිට වේවා.....
නපුර පතුරන සියලු මිනිසුනි...... 
උඹලාගේ ශරිර තුලට ''''ආදරය''''වෛයිරසයක් ව ආසාදනය වී අසාධ්‍යය වේවා.....
සුව නොවේවා...
....නේත්‍රාංජන....

Saturday, March 1, 2014

''මම''(me)....

නොවේ අන් දෙයක් ලොවේ මා කියා.....
පවතින ආත්මයක් ද නොවේ කිසිම ලෙසකත්.....
නමුත්..,
ඇත පැවැත්මක්.... 
ගින්නත්..,වතුරත්..,වාතයත්..,ඝන.. බවත් එක්ව සෑදුනු.....
වැරදියටම තේරුම් ගන්නා...
''මම'' කියා....
ශක්තියක් පමනක්ම වු දෙය....
....නේත්‍රාංජන......

Sunday, February 23, 2014

පෑවිල්ල.......

අදත්.....

දවසක් වගේ හොඳටම පායන්න වගේ හදන්නේ.....

ඔය හෙමි හෙමීට පටන් ගන්නෙ......

හුඟ දවසකට පස්සේ නිසා පෑවිල්ල ටිකක් නුහුරැයි....

පෑවිල්ල එක්ක හුලඟත් හමනව ටිකක් සැරට....

මෙන්න විදුලියකුත් කෙටුවෝ.....දොර වැහුනා ඩෝං ගාලා.....

එන පොට නං හොඳ නැ වගේ....

අපරාදේ හෙට සඳුදා නොවුන නම්........

......නේත්‍රාංජන.....

Friday, February 14, 2014

වැලන්ටයින්ට කලින් දවසේ....






138 කොට්ටව සිට පිටකොටුව යන බස් එකට අද උදේ 7.30 විතර වත්තෙගෙදරින් බස් එකට ගොඩ උනේ කාර්යාලයට යන්න.අද බ්‍රහස්පතින්දා තරමක සෙනගක් බස් එකේ හිටිය.මම සුපුරුදු පරිදි පිටුපස ආසනය ආසන්නයේ රැදි සිටිය.බොහෝ වෙලාවට පිටුපස ආසනයේ අසුන්ගෙන සිටින අය නුගේගොඩදි බසයෙන් බැස යනව.නමුත් අද එහෙම උනේ නැ.ඉතිං නුගේගොඩ පහු උනාම මම ඉදිරියට අවා.හරියටම බස් එකේ මැදට වගේ. බස් එකේ තරමක් සද්දෙට සිංදු දාලා තිබුන.පරන සිංදු ටිකක් වේග රිද්මය,සංගීතය නැවත මුසු කරපු සිංදු කිහිපයක්. ‘හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ….ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මට වාසනා, ප්‍රචාරය උන සිංදු කිහිපයක්. හැමදාම මේ වෙලාවට විසාල වාහන තදබදයක් තියෙනව. ඉතිං බොහෝ පිරිසක් ගමන් කරන්නෙ තරමක පිඩනයකින්. සමහරු නිදි.ඔලු එහෙට වදිනව මෙහෙට වදිනව.තව කෙනෙක්ට හොදටම නින්ද ගිහින් ලඟ ඉන්න කෙනාගේ ඇඟට බර වෙලා.කෙනෙක් දෙන්නෙක් ඒක ඉවසගෙන ඉන්නව බොහෝ අය ප්‍රතිචාර දක්වනව.ඊට පස්සේ නින්දෙ හිටි පුද්ගලයා ගැස්සිල ඇහැරිල සොරි කියල ආයේ නින්දට වැටිල පෙරවිදියටම කරනව.ඒක හරීම අපූරු සිදුවීමක්.මම හිතන්නෙ මේ සිදු වීමට අපි හැමෝම මුන දීල තියෙනව. සමහරු ලෝකේ පෙරලුනත් තමන්ගේ කල්පනාවල් වල.සමහරු පොත් කියවනව.සමහර අය සාකච්ඡාවල් වල සමහරු ෆෝන් වල. ඒ අතර කොන්දොස්තර මහත්තයගේ කිසිම රසයක් නැති,කිසිම කෙනෙක් ගනන් නොගන්නා එකම වචන ටික.මේ සියල්ල අතරින් සද්දෙට ඇහෙන ජෝතිපාලගේ ප්‍රේමගීතාලාපය.ඒ අතර සද්දෙට සිංදු දාලා තියෙන එක කෙනෙකුට රසයක්,කෙනෙකුට හිසරදයක්. මම එකේ හොඳ නරක විවෙචනයකට සැරසෙනව නෙවි.එතන උන සිදුවීම කියන්න හදන්නෙ. එක පාරටම එතෙක් වෙලා ඇහුන සිංදු නැවතුනා. බස් එකේම තිබුන ඒකාත්මික බව බිදුන දෝ කියල මට හිතුන.ඒක ඇත්ත නොවෙන්න පුලුවන්. මොකද පෙර කිව්ව කිසිම දෙයක් නොකර බස් එකේ හිටගෙන හිටි මම අර ගීත සමග ජිවත් උන නිසා වෙන්න ඇති මට එහෙම හිතුනෙ. නිමේශයකින් මට බස් එකේ ඉදිරියෙන් කට හඩක් සද්දෙට ඇහෙනව.ඔහු තරුනයෙක් ඩෙනිමක් නිල්පාට,ටි ෂර්ට් එකක් සුදුපාට සහ සුදු පාට ගැලපෙන සපත්තු ද දා ගත්තු අව් ක්නාඩියක් ඔලුවෙ පිටුපසින් දා ගත් තරුනයෙක්.මට ඇහුන ඔහුගෙ වදන් "''හරි හරි මේ බස් එකේ යන්නේ නිලධාරි විතරයි.එයාලට වැදගත් විදියට යන්න ඔන එයාලට මේව බාල දේවල් අහන්න හොඳ නැ.අපිනම් ඉතින් සාමාන්‍ය අය.හරි හරි මල්ලි කමක් නැ නවත්න්න. "'''මේ වදන් වලට ප්‍රතිචාර දැක්වුයේ නිල් පාට ඉරි සහිත අත්දිග කමිසයක් කලු කලිසමක්,කලු සපත්තු,කරේ කාර්යාල බැගයක් එල්ලාගත් තරමක් තරුන පුද්ගලයෙක්"'''කනක් ඇහෙන්න නැ.කන් පුපුරන්න එනව කියල වැඩක් නැ.'''''මෙවැනිම වදන් පෙලක් දෙදෙනා අතර හුවමාරු විය.බසයේ එක් පුද්ගලයෙක් හැර අනෙක් කිසිවෙක් කිසිදු ප්‍රතිවාරයක් මේ වෙනුවෙන් දැක්වුයේ නැ.ඒ පුද්ගලයා තරමක් වයසක පුද්ගලයෙකි. '''''මේ ඔයා බස් එකෙන් බැහැල එන්න මම සිංදුවක් අහ්න දෙන්නම් බහින්නකො.'''''යනුවෙනි. මොහොතක් නිහඩව සිටි තරුනයා තමන්ගෙ හිතේ ඇති උන පීඩනය පිට කලේ රියදුරු අමතා '''අයියේ අනිත් දවසේ ඔය සෙට් එක ගලවල දාන්න.මේ බස්වල යන නිලධාරින්ට සිංදු අහන්න හොද නැ.එයාල වැදගත් අය ඉතින් වැඩක් නැ සෙට් එකක්'''' කීමෙනි. උදේ 7.30 බස් එකට ගොඩඋන මම තුම්මුල්ල හංදියෙන් බහිනකොට වෙලාව 8.35.

my song........

siyapatak sadisi.my song.......