Wednesday, November 20, 2013

punchi katawak 1


වතුකරයේ ජීවත් වීම හරීම සුනදර වගේම හුදකලා ජීවිතයක්,මට මතක තියන කාලයේ ඉඳල මම ජිවත් උනේ වත්තක රජයෙන් දුන්න පුංචි ගෙදරක.අම්මයි මායි තාත්තයි,අක්ක ආච්චිලාගේ ගෙදර,අක්ක ගෙදර එන්නෙ දිග නිවාඩුවකට විතරයි.නාගරිකත් නොවන ග්‍රාම්‍යත් නොවන වෙනස්ම පහේ සංස්කෘතයක් තමා වතු සංස්කෘතිය.එක්තරා විදියකට ඒක මහ සමාජය අත් හැරලා දාලා කිව්වොත් මම හරි කියල හිතෙනව.පුංචි කාලේ මම වැඩි හරියක්ම කාලේ ගත කලේ තේ වතුවල, පේන තෙක් මානෙට පට්ටනියක් වගේ වැවුනු තේ යායවල්, කාලයක් යනකල් මට සෙල්ලම් කරන්නවත් කතා කරන්නවත් කවුරැත්ම හිටියෙ නැ. කතාකරපු තරමක් කතා කලේ ගස් ගල් එක්ක, ඒවත් එක්ක මම ලෝකෙ පෙරලන්න කතා කරල ඇති.මගේ වයසෙ ලමයි මොනතරම් හිටයත් එයාලා එන්නෙ නැ මගෙත් එක්ක සෙල්ලම් කරන්න. ඒක මගෙ දුකට වගේම කේන්තියටත් හේතු උනා.කොහොම උනත් තාත්ත මට 'ලැන්ටි' කියල බලු පැටියෙක් ගෙනත් දුන්න,මගේ සතුට විස්තර කරන්න වචන නැ.ටික දවසකින් පූස් පැටියෙකුත් තාත්ත මට ගෙනත් දුන්න,ඒ සිද්දි මතක් වෙන කොට ඇස් තෙත් වෙනව. ඒ දචස් වල මගේ අම්මයි තාත්තයි මොන තරම් තරැනද...?දැං ගමේ ගිහින් එයලා දිහා බලනකොට ......දෙයියනේ මේ කාලය කරල තයෙනනේ මොකද්ද කියල හිතෙනව...ඒ වෙලාවට මට දැනෙන වේදනාව විස්තර කරන්න මේ ලෝකෙ කවුරැත් නැ...ඉතින් මට හිතෙනව මේ ලෝකෙ මම ආදරේ කරන අයට කලින් මට මේ ලෝකෙන් යන්න තියෙනවනම් කියල..
පුංචි විස්තරයක්...cont;

No comments:

Post a Comment