Wednesday, November 20, 2013

punchi katawak 2

පොඩි කාලේ මට තිබුනෙ පුදුමාකර නිදහසක්...මාව බලා ගන්න කෙනෙක් හිටියා මට දැන් එයාගේ නම මතක නැ,දවසෙම මගේ වැඩෙ තනියම කතා කර කර සෙල්ලම් කරන එක ප්‍රශ්නෙ අහන්නෙත් මම උත්තරේ දෙන්නෙත් මම.තනියම යුද්ධ කරනව ඔක්කොම සතුරො විනාස කරනව මට කසිම තුවාලයක්වත් නැ,ඉඳල හිටල සතුරැ ප්‍රහාරයකට ලක් වෙනව,නමුත් හැම තිස්සෙම ප්‍රාතිහාර්යකින් මට සුව වෙනව.අම්ම වැඩ ඉවර වෙලා එන කොට හැමදාම හවස පහ පහු වෙනව,එතකල් මම මගේ යුධ පිටියේ සමහර දවස් වලට මම දවසටම කලා නැ සෙල්ලම නිසා අම්ම උයල යන කෑම ඒ විදියටම වලන් වල තියෙනව.ඉතිං බැනුම් අහන්නෙ මම නම් නෙවී.මට තවත් අමතක නොවන දෙයක් තමා අම්ම වැඩ ඉවර වෙලා එන කොට අරන් එන ෂොපින් බෑග් එක. වැඩ ඉවර වෙලා සූරියකන්ද කඩපොලෙන් රෑට උයන්න හරි ගෙදරට ඕන මොනව හරි අරන් එන අතරෙ නොවැරදීම චොක්ලට් ක්‍රිම් බස්කට් අරගෙන එනවාමයි.මම ඉතිං සුපුරැදු පරිදි හැමදාම ඒ බෑග් එක මගේ ග්‍රහනයට ගන්නාමයි.සුපුරැදු අම්මගේ බැනුම් වචන ටික මට දැනුත් ඇහෙනව ඒ හඩින්ම "කැලෑ සතා....ගඳ ෂික් විතරක් ඒ මදිවට ඒ කුනු පිටින්ම අර බිස්කට් කනව දෙනව ඕක මෙහට ගිහින ඇඟ හොදන එනව"ඊලඟ මගේ අභයෝගය මහ හිතලේ ඇඟ සෝදන එක. මටත් එන මගේ ගස් ගඳ යන්න කොහොම හරි මම අඬ අඬ ඇඟ සෝද ගන්නව,මම තනියම නෙවි අම්මත් එනව මගේ ඇඟ සෝදන්න.තාත්ත වැඩ කලේ ගෙදරින් ටිකක් දුර තේ ෆැක්ටරියක නිසා තාත්ත එනනේ රැ වෙලා සමහර දවස්වලට තාත්ත එනකොට මම නිදි.අපේ ක්වාටස් එක ඉස්සරහ තිබ්බ ලොකූ සයිප්‍රස් ගස් දෙකක්. මට මතකයි හැම නත්තලකටම මම ඒකෙන් අත්තක් කපල නත්තල් ගහක් හදනවා.මම බෞද්ධ උනත් හැම නත්තලටම මම ඒක කලා පුදුම සතුටකින් ඒ වගේම නත්තල් සීයත් මම බෞද්ධයෙක් කියල අමතක කලේ නැ කවදාවත්, හැමදාම නත්තලට නත්තල් සීයගේ ගමන් මාර්ගය වැටිල තබ්බේ අපෙ ගෙවල් හරහා.හැබැයි කවදාවත් මට එයාව දකින්න ලැබුනෙ නැ.පුදුමෙ කියන්නේ අම්මයි තාත්තයි හැම නත්තලටම නත්තල් සීයා දැකල තිබ්බ.අර මම කිව්ව නත්තල් ගස් දෙකට එහා පැත්තෙන් තිබ්බෙ ලොකුම ලොකු දිග දඵ මඩුවක් මගෙ සෙල්ලම් ගෙදර උනෙ ඒක.දවස ගානේ උදේ 7 යි,දවල් 12 යි, හවස 3.30 එතන හරීම කාර්ය බහුලයි.දඵ නෙලාගෙන කූඩ වලට දාගෙන සියදෙනෙක් විතර පේලියට ඇවිත් තමන්ගෙ දඵ කිරල පොතක සලකුනු කරගෙන යනව. එතන ඉන්න ඔක්කෝම ගෑනු උදවිය,තරැන,මැදි,වයසක හැමෝම එතන හිටියත් පොදුවේ එයාලට කියනනේ'දඵ ආච්චිල'කියල ඒ ඇයිද කියල මම නම් දන්නැ මම ඉතිං ඕක නිතිපතා දකිනව.ඒ වගේම එතන තයෙන තේ පැල තවාන ගැනත් කියන්නම ඕන.ඒක මගේ සංග්‍රාම භුමිය.

No comments:

Post a Comment