හ්ම්....තේ පැල තවාන මහ ලොකු ඉඩමක්...හෙල්මලු , විවිධ තල වල පිහිටි ඉඩමක් ගස්,පර්වත වගේ විසාල ගල් වලින් අඩුවක් නැ.කදු පල්ලම් වලින් පැනගෙන ගල් උඩින් පැන පැන...තේ පැල නැති පස් පැකට් වලින් ගස් වලට ගගහ... මම නටන නාඩගම, දඵ ආච්චිල දඵ අරන් මඩුවට එනකල් කිසි කෙනෙක් නැ මෙව බලන්න. හිටියත් කාටවත් ඕනකමක් නෑ මගේ සෙල්ලම් බලන්න. ඔඵවෙ ඉඳල පස් නාලා මම ඇත්තටම කැලැ සතෙක් වගේ. එකින් එක මේව මතක් කරනකොට මාව අලුත් වෙනව කියල මට හිතෙනව. පුංචි කාලේ මොන තරම් ආශ්වාදනීයද?මගේම ලෝකයක් රජුත් මම, හොරත් මම, අහිංසකයත් මම. මගේ ඉස්සර තිබ්බ තවත් පුරැද්දක් තමයි හෙමින් ගමනක් නොමැති වීම. මොටර් බයික් එකක් පැදගෙන යනව වගේ කටින් සද්දයක් දාගෙන හයියෙන් දුවන එක.මම හිතන්නේ ඇත්තටම බයික් එකක් පැදගෙන යනව කියල. බයික් එකට නගින එකේ ඉඳල ස්ටාර්ට් කරන එක,පිකප් කරන එක හැම දෙයක්ම මම ඒ විදියටම කරනව.කවුරැ හරි බලාගෙන ඉන්නව නම් අතිශෝක්තියෙන් කලා.දැන් නම් මතක් වෙනකොට ලැජ්ජයි. කාලය ඔය විදියට ගලාගෙන යනව ගොඩාක් සුන්දරව,හැබැයි සුන්දරයි කියල වැටහෙන්නෙ දැං. මෙහෙම දෙයක් කියන්නම ඕන,මගේ උප්පැනෙ තියෙන නමෙන් නෙවෙයි මට කවුරැත් කතා කලේ අඩුම තරමේ මගේ අම්මයි තාත්තයි පවා මට කාතා කලේ 'පුතා' කියල නෙවි එයාලා දාපු අන්වර්ත නාමයෙන්.අදටත් මාව ගමේ අය දන්නේ එ නමින් කිවාම. 'බිංදු'තමා ඒ නම.
No comments:
Post a Comment