කාලය ගොඩාක් වෙගෙන් ගෙවිල ගියා සමහර විට මටත් නොදැනිම.. අපි සූරියකන්ද වත්තේ(වත්තට ඉංග්‍රිසියෙන් කියන්නෙ EIGBIRTH ESTATE කියල) වාසය කල අවුරැදු විස්සට ක්වාටස් තුනක ජීවත් උනා... ඒ ක්වාටස් තුනම පිහිටල තිබ්බෙ එක ලඟ ලඟ වගේ.. අන්තිමට ජීවත් උන ගෙවල් දෙකම පිහිටල තිබ්බෙ සුරියකන්ද වතු රොහල කිට්ටුවමයි දැං නං ඒක රජයේ රෝහලක් දියුනුයි. මේ වින්දනීය අතීත සිදුවීම් ආවර්ජනය කරන කොට අතීතය චිත්‍රපටයක් වගේ මගේ මනස ඉදිරිපිට දිග හැරෙනව, නොනවත්වාම...ඒ තරම්ම පුංචි පුංචි සිදුවීම් ගොඩයි. අපි වත්තට පදංචියට ආවේ 1980 අවුරැද්දේ.ඊට කලින් අපි හිටියේ කොලොන්නෙ තාත්තගෙ ගමේ අලුත් වලව්වෙ. ඒ අපේ සියා තාත්තට දුන්න ගෙදර.ඒ කාලේ ගැන මට ඒ තරම්ම මතකයක් නැ. මට මතක විදියට අලුත් වලව්වෙ අපිත් එක්ක නැන්දා, ඒ කියනනේ තාත්තගෙ නංගි රෑපානි නැන්දාගේ පවුලත් හිටියා. ඒ දවස් වල අම්මට රස්සාවක් තිබිල නැ.මම මේ කියනනේ 70 අග භාගය ගැන. තාත්ත ඒ දවස් වල වැඩ කරල තයෙන්නෙ ලංකා ගමනා ගමන මණ්ලයෙ. මගෙ සියා තමා පත්තරේක දැකල මෙහෙම රස්සාවක් තියෙනව, ඉල්ලුම් කරන්න කියල අම්මට කියල තියෙන්නෙ ඒ අනුව තමා අපි සූරියකන්දට පදිංචියට එන්නෙ. මගේ සීයා තාත්තාගේ තාත්ත ''හෙන්ද්‍රික් අප්පුහාමි'' ඉඩම් හිමි ධනවත් ව්‍යාපාරිකයෙක්. මාතර දික්වැල්ල පැත්තෙන් කොලොන්නට පදිංචියට ඇවිත් තියෙන්න හිස් අතින්,අන්තිමට මගේ සීයා කොලොන්නෙන්ම හිටපු ධනවතෙක් උනා. විසාල ගෙවල් කිහිපයක වගේම වලව්වක හිමි කරැවෙක්ද උනා. ඒ වලව්ව තමා මම කලින් කීව අලුත් වලව්ව අක්කර ගානක ඉඩමක් මැද විරාජමානව වැඩ සිටිය වලව්වක්. සියා තාත්තට ලීවෙ එ වලව්ව.ඒත් දැන්නම් මහ ඉඩමකුත් නැ, වලව්වකුත් නැ. විපරිනාමය විසින් වලව්ව බිමට සමතලා වෙලා වලව් වත්ත පර්චස් 65 ට අඩුවෙලා. කාලොන්න කඩපලෙන් එක කඩයක් විතරක් මගෙ තාත්ත විසින් මගේ සීයගෙ උරැමය ආරක්ෂා කරනව. ඒ කඩේට කියන්නේ අලුත් කඩේ කියල.එක පෙලට පිහිටපු කඩ පේලියක ඉතුරැ උනකඩ කාමරය. කොලොන්න කඩපලේ ඒ කඩ පේලියට අල්ලලාම තමා තාත්තලගේ මහ ගේ තිබ්බෙත්.විසාල සොල්දර ගෙයක්. ඒගේ දැං එතන නැ.තාත්ගේ මල්ලි එ කියනනෙ මගෙ බාප්ප'''රාජ බාප්ප'''ඒක විකුනල වව්නියාවට පදිංචියට ගියා. හ්ම්....මට මතකයි සැරයක් දෙසැරයක් විතර මගේ සීය සුරියකන්දේ ඇවිත් තියෙනව. එතකොටත් එයා ගොඩ වයසයි. අම්ම උයල කන්න දෙනව.අනේ මගේ සීය,මොන තරම් අහිංසකද. අම්ම උයල දෙන කෑම අසාවෙන් කන විදිය මට මැවිල පේනව. මට තියෙන පුදුමෙ මේ තරම් දෙයක් මට මතක තියෙන එක ගැන. මම මේ කියන්නෙ මගේ වයස 4 දි,5දි වගේ සිදුවුනු දේවල්. මගේ සීයා 82 අවුරැද්දෙ විතර මේ ලොකෙන් යන්න ගියා.තේරැමක් ඇතුවද නැතුවද මම දන්නෙ නැ, මම ඇඬුව මට මතකයි තාම.හැබැයි අන්තිම දවසේ.නැදෑයො සහෝදර සහෝදරියො මගේ වයසේ අය ගොඩයි, ඒ දචස් ටිකේ අපි සෙල්ලම් කරපු තරම්, සාමන්‍යයෙන් මාව සැලකුනේ පුදුම දඟ ලමයෙක් විදියට ලොකු අය අතර, ඇත්තටම එහෙම නොවුනත් රැලේ ලොක්කගෙ තැන මට ලැබුන. සීයගේ අවමංගල පෙරහරෙ පුංචි මල් වඩමක් මට හදල දුන්න අරන් යන්න. ඒකත් අරගෙන සෑය ගාවට අරන් යනකල් මම ගියෙ අඬ අඬ. සීය ආයේ කවදාවත් එන්නෙ නැ කියන හැඟීමක් මට කොහෙත්ම තිබුනෙ නැ . සීයව දවන්න අහස විතර උසට සෑයක් හදල තිබබ.අපේම කුඹුරක තමා සීයව දැව්වෙ. සෑයට ඇතුල්වෙන තැන තොරනක් හදල තිබ්බ එකේ ලොකු, කුරැම්ඹා වලු පිටින් ඒකේ එල්ලලා තිබුනා.මම නම් දන්නෙ නැ එ ඇයි කියල. ඇයි බීම තිබ්බ තරම් බොන්න, හිටපු සෙනග දැක්කම මට හිතුනෙ මේ තමයි ලංකාවේ ඔක්කෝම සෙනග කියල. කොහොම හරි කොලොන්න නව නැලිය පංසල ගාව තියෙන කුඹුරෙදි මගේ ආදරනීය සීයා අවසන් ගමන් ගියා. මට මතකයි පහුව දා පාන්දර සීයගේ අලු අරන් එන්න සෑය ගවට ගියා.ඒ යන කොටත් සෑයේ රස්නෙ තිබ්බ.මට ඒත් හැඟීමක් තබ්බෙ නැ සීයා ආයේ එන්නෙ නැ කියල.
cont;
No comments:
Post a Comment